වලපනේ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට

අගෝ 01, 2021

    වලපනේ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්වෙකු නුවරඑළිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

    මාලිගාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් මිලදි ගෙන වලපනේ ප්‍රදේශයට රැගෙන විත් කුඩා පැකටි වශයෙන් අසුරා වලපනේ, පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ, අදිකාරිගම යන ප්‍රදේශවලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අලෙවි කිරීමට සුදානම් කර තිබු හෙරොයින් පැකට් 30 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 50ක් සැකකරු ළඟ තිබූ බව වැටලිම් සිදුකල පොලිස් නිලධාරින් පවසයි. ඔහු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News