ඡායාරූප ගත් සිසුන් අද අධිකරණයට

පෙබ 15, 2019

    අනුරාධපුර මිහන්තලයේ චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරේ.

    මිහින්තලය රජමහා විහාර පුද බිමේ මැද මළුවේ කන්තක චෛත්‍ය අසල පිහිටි පරිවාර චෛත්‍යයක නැග මෙම තරුණයින් ඡයාරූප ගෙන ඇත. මොවුන් මුතුර් ප්‍රදේශයේ පදිංචි 18 හා 20 හැවිරිදි පුද්ගලයින් වේ.

    ඔවුන් තිහාරියේ ආරාබි භාෂාව උගන්වන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් බව පැවසේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    Latest News