සුඛෝපභෝගී ජීප් රිය දුම්රියේ ගැටේ....(වීඩියෝ)

සැප් 11, 2021
  • ගාල්ල බෝපේ සිට වැකුණගොඩ දක්වා තිබෙන දුම්රිය හරස් මාර්ගයේදී අද පස්වරුවේ සුඛෝපභෝගී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් ජීප් රථයේ රියදුරු තුවාල ලබා තිබේ.

    අනතුර අද පස්වරුවේ සිදුවිය. ජීප් රථය දුම්රියේ ගැටෙන අයුරු ප්‍රදේශයේ තරුණයෙකුගේ ජංගම දුරකථනයේ පටිගත වී තිබිණ. අනතුර වෙන අවස්ථාවේදී ජීප් රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහු සුළු තුවාල සහ කම්පන තත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

    බෙලිඅත්ත සිට කොළඹ බලා නවීකරණ කටයුත්තක් සඳහා ධාවනය වන දුම්රියේ මෙම ජීප් රථය ගැටී ඇති අතර එම අවස්ථාවේදී දුම්රියේ මාර්ගයේ අනතුරු අඟවන සංඥා ද නාද වී ඇත.

    අනතුරත් සමග දුම්රිය එම ස්ථානයේ නතර කර සුළු වේලාවකදී නැවත ගමන් ආරම්භ කර ඇත. රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව පොලිසිය පවසයි.

    Last modified on ඉරිදා, 12 සැප්තැම්බර් 2021 10:12

    Latest News