කොරෝනා එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව තවදුරටත් පෙරමුණේ....

සැප් 11, 2021

    කොරෝනා එන්නත්කරණය අතින් තවදුරටත් ලොව මුල් පෙළේ පසුවීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

    එන්නත්කරණයේ වේගය මෙන්ම ප්‍රතිශතය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව, ගෝලීය සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. "අවර් වර්ල්ඩ් ඉන් ඩේටා" වෙබ් අඩවියට අනුව සතියක් තුළ ලොව එන්නත් ලබාදී‍මේ වේගය අතින් අද දිනය තුළ ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ පසුවේ.

    දෙසතියක් පුරා එම අගය අතින් ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාවයි. එහෙත් අද වනවිට කියුබාව සහ නවසීලන්තය යන රටවල් එන්නත්කරණ වේගය ඉහළ නංවා තිබේ. ශ්‍රී ලංකාවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ අගය අද සියයට 47%ක් ලෙස සටහන් වේ.

    එය සෙසු දකුණු ආසියානු රටවලට වඩා ඉහළ අගයක් ගනී. එමෙන්ම ලොව එන්නත්කරණය අතින් ඉදිරියෙන් සිටින බ්‍රිතාන්‍ය, අමෙරිකාව, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමිර් යන රටවල්වලට ආසන්න අගයක පසුවීමට ශ්‍රී ලංකාව සමත්වීම ද මෙරට අන්තර්ජාතික සෞඛ්‍ය අංශවල ප්‍රශංසාව හිමිවීමට තුඩුදුන් කරුණක් බවට පත්ව තිබේ.

    Latest News