සෞඛ්‍ය සම්පන්න හා තිරසර ආහාර පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ විදෙස් විශේෂඥයන්ගේ පැසසුමට

ඔක් 04, 2021

    සෞඛ්‍ය සම්පන්න හා තිරසර ආහාර පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළකරන බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥයෙකු වන දේවින්දර් ශර්මා පවසයි.

    ඉන්දීය "ද ට්‍රිබියුන්" පුවත්පතට ඔහු මේ අදහස් පළකර තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ සෞඛ්‍ය සම්පන්න තිරසර හා සාධාරණ ආහාර පද්ධතියක් කරා යෑමේ අවශ්‍යතාව හඳුනා ගැනීමටත් පෙර ශ්‍රී ලංකාව ඒ සඳහා යොමුවී ඇති බව ඔහු පෙන්වා දෙයි. රසායනික පොහොර සහ පලිබෝධ නාශක මෙන්ම ෆාම් තෙල් ආනයනය තහනම් කිරීම සහ කාබනික වගා සඳහා කෘෂි ව්‍යාපාර දිරිමත් කිරීම ඒ අතර කැපී පෙනේ.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, රට මුහුණ දී ඇති විවිධ ආර්ථිකමය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ද ‍දේවින්දර් ශර්මා පවසයි. රට තුළ ව්‍යාජ ලෙස ආහාර හිඟයක් නිර්මාණය කිරීමට ඇතැමුන් ගන්නා උත්සහය හමුවේ වුවද ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වූ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට නොසැලී ක්‍රියා කිරීම අගය කළ යුතු බව, ඔහු පෙන්වා දෙයි.

    Latest News