ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි...

ඔක් 24, 2021

    නැගෙනහිර, ඌව, උතුරු - මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන්ම,  බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරෝතතු විය හැක.

    ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුලං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 11:11

    Latest News