මියයන විට ඇය 64 වන වියේ පසුවිය. පිළිකා රෝගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇත.
සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ "අනුරාධා" චිත්‍රපටයෙනි. ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ. ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.