මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකුට මාංචු

පෙබ 20, 2019

    අයිෂ්, හෂීස් සහ කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව තොගයක් ළඟ තබා ගත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ටෙරින්ටන් - හැටේවත්ත ප්‍රදේශයේ ඊයේ සවස සිදුකළ වැටලීමක දී කේරළ ගංජා කිලෝ එක හමාරක්, හෂීන් ග්‍රෑම් 89යි මිලිග්‍රෑම් 950ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 580ක්, මත්පෙති 4ක් මත් මුද්දර 41ක් පොලිස් භාරයට ගෙන තිබේ. 23, 29 වයස්වල පසුවන සැකකරුවන් ටොරින්ටන් මාවත පදිංචිකරුවන්. ඔවුන් අද දින මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News