පූජ්‍ය ඤාණිස්සර හිමියන්ගේ දේහයට ජනපති, අගමැති අවසන් ගෞරව දක්වයි ...

නොවැ 07, 2021

    ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ආචාර්ය පූජ්‍ය මුරුංගස්යායේ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වූහ.

    උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ වීරකැටිය, විතාරන්දෙණිය, කුඩා බැදිගම ශ්‍රී සුදස්සනානන්ද විහාරය වෙත අද (07) දහවල් ගිය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළහ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාද මෙම අවස්ථාවට එක් විය.

    Latest News