මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ....

නොවැ 13, 2021

    මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

    ජලාශයේ ජල ධාරිතාව උපරිම මට්ටමට ළගාවිම නිසා ජලාශයෙන් වාන් දොරටු තුනක් අද (13) අලුයම දක්වා විවෘත කර තිබු බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණ හොත් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදු වන බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

    කාසල්රි ජලාශයේද ජල ධාරිතාව උපරිම මට්ටමට ළගා වෙමින් පවතින බවත්, ජලාශ දෙකේම ජල මට්ටම ඉහල යාම නිසා කැනියොන්, ලක්‍ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පවසයි.

    Latest News