හාලිඇල, ස්ප්‍රිංවැලි නගරය සංවර්ධනයට පියවර...

නොවැ 15, 2021

    හාලිඇල, ස්ප්‍රිංවැලි නගරය සංවර්ධනය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

    ඒ "දැයක් නගන සියක් නගර" වැඩසටහන යටතේ. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ, නගරයේ බස් නැවතුම්පොළ, නවීන පහසුකම් සහිත වැසිකිළි පද්ධතියක් හා සූර්ය බලශක්ති වීදි පහන් පද්ධතියක් ඇතුළු අංගෝපාංගවලින් සමන්විතව සංවර්ධනය කෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 17 ක්.

    මාස 4 කදී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය  බැහැරලීමේ සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය හා හාලිඇල ප්‍රාදේශීය සභාවේ සහය ඊට හිමිවනවා.

    සංවර්ධන කටයුුතු ආරම්භ කෙරෙුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News