එළවළු මිල පහළට...

ජන 09, 2022

    උඩරට එළවලු රටපුරා බෙදාහරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් මේ දිනවල සැලකිය යුතු මට්ටමින් පහත වැටී තිබෙනවා.

    පිට පළාත්වල වෙළෙඳුන් එළවලු මිලදී ගැනීමට නොපැමිණීම සහ උඩරට එළවලු වැඩි වශයෙන් වෙළෙඳපොළට ලැබීම මීට හේතුවයි. මාස කිහිපයක සිට එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණා. එහෙත්, ක්‍රමක්‍රමයෙන් එම මිල පහත බසින බවයි, වෙළෙඳුන් පවසන්නේ. පසුගිය දින කිහිපයේදී රුපියල් 220 ට තිබූ ගෝවා කිලෝවක තොග මිල අද (09) සටහන් වුණේ. රුපියල් 110 ක් ලෙසයි. රුපියල් 120 ට තිබූ රාබු තොග මිල රුපියල් 50 දක්වා අඩුවී තිබෙනවා.

    රුපියල් 250 ට තිබූ වම්බටු කිලෝවක තොග මිල රුපියල් 180 ක් දක්වා පහත වැටී ඇති බවයි, වෙළෙඳුන් පවසන්නේ. රුපියල් 450 ට තිබූ බෝංචි කිලේවක තොග මිල රුපියල් 230ක්. මේ අතර, බීට් කිලෝවක තොග මිලද රුපියල් 150 ක් දක්වා පහත වැටී තිබෙනවා. තක්කාලි කිලෝවක් අද අලෙවි වුණේ, රුපියල් 120 ත් 130 ත් අතර මිලකටයි. රුපියල් 600 කට පැවති මාලු මිරිස් කිලෝවක තොග මිල අද වන විට රුපියල් 450 ක් දක්වා පහත වැටී තිබෙනවා. රුපියල් 800 ක මිලකට අලෙවි වූ අමු මිරිස් කිලෝවක තොග මිල අද දැක්වුණේ, රුපියල් 500 ක් ලෙසයි. රුපියල් 240 කට පැවති, අර්තාපල් කිලෝවක් අද අලෙවි වන්නේ රුපියල් 180 ත් 220 ත් අතර මුදලකටයි.

    Last modified on ඉරිදා, 09 ජනවාරි 2022 13:42

    Latest News