නාවල-අංගම්පිටිය කුළුණු මතින් ඉදිවන පාලමේ වැඩ 75%කින් අවසන්....(වීඩියෝ)

ජන 09, 2022
  • නාවල-අංගම්පිටිය යා කරන කුළුණු මතින් ඉදිවන පාලමේ වැඩ කටයුතු 75%කින් අවසන් වී තිබෙනවා.

    පාලමේ දිග මීටර් 600ක්. මෙමඟින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආශ්‍රිත රථවාහන තදබදයට විසඳුමක් හිමිවනු ඇති. පාලම ඉදිකරනු ලබන්නේ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවයි. ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවරු‍න්ගේ දැනුම යොදා ගැනෙනවා. මෙවැනි ව්‍යාපෘති මගින් දේශීය ඉංජිනේරුවරුන්ට මෙරට සංවර්ධන කටයුතු සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම රජයේ අරමුණයි.

    මෙතෙක් නාවල සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ පිටකෝට්ටේ ප්‍රදේශවලට ගමන්කිරීමට පැවතියේ කිලෝ මීටර් 5කින් සමන්විත ගමන් මාර්ගයක්. පාලම ඉදිකිරීමට වැය කෙරෙන මුදල, රුපියල් මිලියන 1,800ක්. මීටර් 600ක් දිග පාලම ඉදිවන්නේ, කුළුණු 23ක් මතයි. පාලම නිර්මාණයට‍ අවශ්‍ය කුළුණු මෙරට කොන්ක්‍රීට් අංගනවල නිෂ්පාදනය කෙරෙනවා. තෙත් බිමක් හරහා මෙම පාලම, ඉදිකෙරෙන්නේ පරිසරයට සිදුවන හානිය අවම වන පරිදි.

    Latest News