අතුරුදන්වූ ධීවරයින් 05ක් මුදාගැනීමට පියවර...

ජන 09, 2022

    "අසේල පුතා 02" බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකු මුදාගැනීමට පියවර ගෙන තිබෙනවා.

    එක් පුද්ගලයෙකු අතුරුදන් වුණා. අයහපත් කාලගුණය අනතුරට හේතුවයි. බේරාගත් ධීවරයින් පස්දෙනා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. යාත්‍රාව පසුගිය නොවැම්බර් 4 වැනිදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඒ පිළිබඳ කිසිදු තොරතුරුක් වාර්තාවී නැහැ.

    අනතුරුව, බේරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ගාල්ල වරායට නිරිත දිගින් වූ මුහුදු ප්‍රදේශයේදී එය අනතුරට ලක්වූ අතර ඊයේ අදාළ පුද්ගලයන්ව සොයාගැණුනා. ධීවරයින් පස්දෙනා මෙරටට බාරදී ඇත්තේ, විදේශීය නෞකාවක කාර්ය මණ්ඩලයයි. අතුරුදන්වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 09 ජනවාරි 2022 15:58

    Latest News