වී අස්වනු මිලදී ගැනීමට සමූපකාර සමිති සූදානම්...

පෙබ 13, 2022

    ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර සමිති සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙවර මහකන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල ආරම්භ වෙමින් තිබෙනවා.

    රජයෙන් වී කිලෝවක් සඳහා රුපියල් 92 ක ඉහළ මිලක් නියම කර තිබෙනවා. පසුගිය දිනවල වී අස්වැන්නේ සුළු අඩුවක් පැවතිය ද වී සඳහා ඉහළ මිලක් ලැබීම හේතුවෙන් එම පාඩුව මග හැරන බවයි, ගොවීන් පවසන්නේ. එම නිසා වී නිසි ප්‍රමිතියට සකස් කර වී අලවි මධ්‍යස්ථාන වෙත රැගෙන එන ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් සමූපකාර සමිති සභාපති සුරංග අජිත් කුමාර මහතා පවසනවා.

    රජය මගින් නාඩු රුපියල් 92 කටත්,  සම්බා රුපියල් 94 කටත්, කීරි සම්බා රුපියල් 96 කටත් සහතික මිලක් ලබාදී තිබෙනවා. එම මිළ ගණන්වලට වී මිලදී ගැනීමටයි,  මෙම සමූපකාර සමිති බලාපොරොත්තු වන්නේ.

    Latest News