අනුලාදේවි සෑයේ කැණිම්වලදී පළිඟුවකින් ආවරණය වූ ධාතූන් වහන්සේ නමක් හමුවේ....

පෙබ 20, 2022

    අනුරාධපුර ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ පිහිටි අනුලා දේවිසෑයේ කැණිම් අතරතුර පළිඟුවකින් ආවරණය වූ ධාතූන් වහන්සේ නමක් හමුවී තිබෙනවා.

    අනුලාදේවි සෑයෙහි කැණිම් පසුගිය දෙසැම්බර් මාසයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ ආරම්භ කෙරුණා. ඊයේ හමුවූ ධාතූන් වහන්සේ කාල නිර්ණය සඳහා යොමුකර ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා. කැණිම්වලදී මැටිවලින් සාදන ලද පුරාවිද්‍යා වටිනාකම්වලින් යුත් විවිධ හැඩයන්ගෙන් සමන්විත වස්තු කිහිපයක් ද සොයා ගැණුනා. සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් අනතුරුව අනුලාදේවිය ඇතුළු 500ක පමණ පිරිසකගෙන් යුත් කාන්තාවන් පිරිසක් භික්‍ෂුනී සාසනයට ඇතුළත් වූ බව ඉතිහාසයේ සඳහන්.

    Latest News