අගමැතිතුමා ආගමික වතාවත්වල....

මාර් 06, 2022

    අග්‍රාමාත්‍යතුමා මාවතගම යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවෙයි. 

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ මාවතගම යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.  එංගලන්තයේ ශ්‍රී ලංකා පහන පදනමේ සභාපති පිලැස්ස ශ්‍රී ධීරානන්ද පරිවේණාධිපති,යටිවල ශ්‍රී ගුණවර්ධනාරාම විහාරාධිපති හුණුපොල ශාන්තදේව ස්වාමීන් වහන්සේ බැහැ දුටු අග්‍රාමාත්‍යතුමා පළමුව උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තේය.  

    අනතුරුව මෑතක දී විවෘත කරන්නට යෙදුණු 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත නව විහාර මන්දිරයට ගිය අග්‍රාමාත්‍යතුමා එහි දී ආගමික වතාවත්වල නිරත විය.  පිලැස්ස ශ්‍රී බෝධිමලු විහාරාධිපති ශ්‍රී ධීරානන්ද පිරිවෙන් කෘත්‍යධිකාරී හුණුපොල සරණපාල ස්වාමීන් වහන්සේ, වයඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක කොටිකාපොල සාරානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ.  

    මෙම ආගමිකවතාවත් සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක, මාවතගම ප්‍රාදේශිය සභාවේ සභාපති කමල් පෙරේරා මහත්ම, මහත්මීන් ඇතුළු බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ.

    PM2 900px 22 03 06

    Latest News