අවසර නැතිව ගල් කඩා මාට්ටු (ඡායාරූප)

මාර් 10, 2019

    පතල් හා භුවිද්‍යා කාර්යයංශයේ බලපත්‍රයක් නොමැතිව ගල් කිහිපයක් පුපුරවා කුඩා කැබලි කිරිමට ගල්බොර දැමු සැකකරුවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

    හැටන් කුඩාඔය ප්‍රදේශයේ ඉඩමක පිහිටි ගල් කිහිපයක් කඩා ඉවත් කර ගැනිමට ඉඩම් අයිතිකරු විසින් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව නුවරඑලිය දිස්ත්‍රික් පුපුරන ද්‍රව්‍යය පාලකවරයාගෙන් මිට ඉහත බලපත්‍රයක් ලබාගෙන ඇත. ගල් කඩා ඉවත් කිරිමේදි ගල් කැබලි කිහිපයක් අසල පිහිටි නිවස් වලට විසි වි අලාභ හානි සිදුවිමෙන් පසු පුපුරන ද්‍රව්‍යය පාලකවරයා විසින් ඉඩමේ අයිතිකරුට වෙඩි බෙහෙත් නිකුත් කිරිම අත්හිටුවා තිබුණි.

    ගල් කන්දෙන් කඩා බිම හෙලන ලද විශාල ගල් කිහිපයක් කුඩා කැබලි වලට කැඩිම සදහා ඉඩමේ අයිතිකරු අද ගල්බොර දමා පුපුරවා ඇත. එම ගල් පුපුරවා හැරිමේදි ඇති වු කම්පන කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැණින.

    බලපත්‍රයක් නොමැතිව ගල් පුපුරවා හැරිම, බලපත්‍රයක් නොමැතිව වෙඩි බෙහෙත් ලග තබා ගැනිම යන චෝදනා යටතේ සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසයි.

    තම අනුදැනුමකින් තොරව බිම හෙලා තිබු ගල් කිහිපයක් කුඩා කැබලි වලට කැඩිම සදහා ඉඩමේ සේවය කල කම්කරුවන් කිහිප දෙනෙකු විසින් ගල්බොර කිහිපයක් දමා ඇති බව ඉඩම් හිමියා පවසයි.

    rockblast1 px 900 19 3 10

    Latest News