බීමත් රියදුරන් ඇල්ලීමට විශේෂ මෙහෙයුමක්

මාර් 10, 2019

    බස්නාහිර පළාත තුළ මාර්තු 08 සහ 09 ක්‍රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 527ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

    සති අන්ත දිනවල මධ්‍යම රාත්‍රී සහ අළුයම් කාලයේ සමාජ ශාලාවල සහ අවන්හල්වල පත්පැන් පානය කර රිය ධාවනය කරන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙහෙයුම සංවිධාන කළ අතර, මාර්තු 08 බීමත් රියදුරන් 222ක් සහ 09 වැනි දින 305 දෙනෙකු වශයෙන් බීමත් රියදුරන් 527 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.

    මෙම රියදුරන් අතර නීතිඥයින්, වෛද්‍යවරුන් සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළත්ව සිටී. මොවුන්ට ඉදිරි දින කිහිපය තුළ නඩු පවරා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්,රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමේ නියෝග ලබා ගැනීමටත් පොලිසිය බලාපොරොත්තුවේ. ඉදිරියේ දී මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය බලාපොරොත්තු වන බව පොලිස් මූලස්ථානය පවසයි.

     

     

    Latest News