කූරගල රජමහා විහාරාධිපතිට, ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමයි...

ජූලි 24, 2022

    ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේට අස්ගිරි මහා විහාර පාර්ශවයේ සබරගමු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමුණා.

    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමි සහ අනුනාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විංශත්වර්ගික කාරක සංඝ සභාවේදී ධම්මරත්න හිමියන්ට මෙම පදවිය පිරිණැමීමට තීරණය කෙරුණා‍. ඒ, ධර්ම කීර්ති ශ්‍රී මංගල ගෞරව නාමය ද සමගින්. පදවිය පිරිනැමීමේ අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News