කෝටා ක්‍රමයට ඉන්ධන ලබාදීම හෙට (25) සිට...(වීඩියෝ)

ජූලි 24, 2022
  • ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව කෝටා ක්‍රමයට ඉන්ධන ලබාදීම හෙට (25) සිට ආරම්භ කිරීමට නියමිතයි.

    එහි නියමු ව්‍යාපෘති පිරවුම්හල් 20කදී වාහන 4,708ක් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බලා ඇති බවයි, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ. වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය මත ඉන්ධන ලබාදීම සිදු කෙරෙනවා. ඒ අනුව, අවසන් අංකය 0,1,2 සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත්, 3,4,5 අංක සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලත් ඉන්ධන ලබාදීමට නියමිතයි. 6,7,8,9 අංක සඳහා ඉන්ධන ලබාදෙන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවලයි. ඉකුත් 21 වැනිදා සිට QR කේතය පරික්ෂා කිරීමේ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා.

    Last modified on ඉරිදා, 24 ජූලි 2022 14:46

    Latest News