චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර....

අගෝ 14, 2022

    චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් - 5 නෞකාවට, හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙනවා.

    එම නෞකාව, ලබන අඟහරුවාදා පැමිණීමට නියමිතයි. එය ලබන 22 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනවා. එම නෞකාවට වරායට ඇතුළුවීමට අදාළ ලිපි විදේශ කටයුතු අමාත්‍යාංශය වරාය පාලකවරයා වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම, ලබන 22 වැනිදා දක්වා ‍නෞකාවට වරාය තුළ නැංගුරම්ලා තැබීමට අවසර දෙන්නැයි, අමාත්‍යාංශය පාලකවරයාට දැනුම් දී ඇති බවයි. අමාත්‍යාංශය සඳහන් කරන්නේ,

    මෙම චීන නෞකාව, ලබන 11 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, කලාපීය ආරක්ෂාවට බලපෑමක් නොවන අයුරින් කටයුතු කරන අතරම, ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් මිදීමට මේ මොහොතේ විදේශ රටවල සහය අත්‍යවශ්‍ය බවයි. අන්තර් ජාතික බැඳීම්වලට අනුකූලව සියලු රටවල නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වන්නේ ද සියලු රටවල් සමග සහයෝගීතාව සහ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම බවයි, විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News