විදේශ අමාත්‍ය සහ එ.ජා.නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ අතර හමුව....

අගෝ 14, 2022

    විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ ක්‍රිස්ටොෆ් බහුවෙට් මහතා හමුවුණා.

    හමුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවුණේ, පසුගිය සිකුරාදායි. දශක පහකට අධික කාලයක් සහ දුෂ්කර අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදුන් ස්ථාවර සහයෝගය අමාත්‍ය අලි සබ්රි මහතා එහිදි අගය කළා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග සමීප සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වනවා. එමෙන්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාව සඳහා සමාජ ආරක්ෂණ පියවරවලට සහය වීම සහ වර්තමාන අභියෝගවලින් තිරසාර ලෙස ප්‍රකෘතිමත් වීම සහතික වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව ඔවුන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

    Latest News