රන් භාණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට...

අගෝ 14, 2022

    රුපියල් ලක්‍ෂ 15ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, මීටියාගොඩ, බද්දේගම හෙඩෘ ගම්මානයේ නිවසකදී. මීටියාගොඩ අලුත්වෙල ප්‍රදේශයේ නිවසක් බිඳ එහි තිබූ රන් භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකට අනුවයි, මෙම වැටලීම සිදුකර ඇත්තේ. සැකකරු වයස අවුරුදු 31 පසුවන පුද්ගලයෙක්. ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News