වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා සහ මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක්...

සැප් 10, 2022

    වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා සහ මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක් ඊයේ (10) පැවැත්වුණා.

    එහිදී, දෙරටේ ගුවන් සේවාවන් හා සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ඉරාන තානාපති හෂේම් අස්ජාහ්සාදේ මහතා අතර හමුව සිදු වූයේ, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී.

    මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් කරුණක් වූයේ, ශ්‍රී ලංකාව සහ ඉරානයේ ටෙහෙරාන් නුවර අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමයි. ඒ තුළින්, ශ්‍රී ලංකාවට ඉරාන සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කෙරුණා. ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම පිළිබඳව අමාත්‍යවරයා තානාපති සමග සාකච්ඡා කළ අතර, අදාළ කටයුතු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට, දැනුවත් කරන බවද, නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියා. ඉරානය, ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

    Latest News