තුන් වැනි චාල්ස් රජු එක්සත් රාජධානියේ රජු ලෙස අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ...

සැප් 10, 2022

    ප්‍රිවි කවුන්සලය විසින් තුන්වන චාල්ස් රජු එක්සත් රාජධානියේ රජු ලෙස අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

    1948 වසරේ නොවැම්බර් පළමු වැනි දින ලන්ඩන්යේ බකිම්හැම් මාළිගයේදී උපත ලැබු චාල්ස් කුමරු දෙවන එළිසබෙත් රැජිනගේ සහ එඩිම්බරෝ අධිපාද පිලිප් කුමරුගේ පළමු දරුවායි. 1952 දී හයවන ජෝජ් රජුගේ අභාවයෙන් පසු දෙවන එළිසබෙත් කුමරිය එක්සත් රාජධානීයේ  රැජින ලෙස පත්වීමත් සමග චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමක්කාරයා බවට පත්වුණා. රැජිනගේ වැඩිමහල් පුත්‍රයා ලෙස රාජකීය චාරිත්‍රවලට අනුකූලව "කෝන්වෝල්" සහ "රොතේසේ ආදිපාධවරයා" ස්කොට්ලන්තයේ මහා භාරකරු යන පදවි රැසක් ඔහුට හිමි වුණා.

    චාල්ස් කුමරු එවක 1953 ජුනි දෙවන දින "වෙස්ට්මිනිස් අබේ" දේවස්ථානයේදී මවගේ රාජාභිෂේකයට සහභාගී කර ගැනුණු අතර, ඒ වන විට කුමරුගේ වයස අවුරුදු 3 ක්. 1956 දී චාර්ල්ස් කුමරු පළමුවරට බටහිර ලන්ඩනයේ හිල් හවුස් පාසලේදී ඉගෙනීම් ආරම්භ කළා. පසු කාලීනව විවිධ පාසැල්වල අධ්‍යාපනය හැදැරූ චාල්ස් කුමරු 1967 වසරේදී කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වූ අතර, එහිදී ශාස්ත්‍රවේදී උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය පිරිනමනු ලැබුවා. 1969 ජුලි පළමුවැනි දින කානවෝන් මාළිගයේ පැවති අභිෂේක මංගල්‍යයේදී දෙවෙනි එළිසබෙත් මහ රැජින විසින් වේල්ස්හි කුමරු ලෙස කිරුළු පළදවනු ලැබුවා.

    අනතුරුව, පියාගේ අඩි පාරේ යමින් චාල්ස් කුමරු රාජකීය ගුවන්  හුමදා සේවයේ නිරත වුණා. ජෙට් නියමුවෙකු ලෙස පුහුණුවීමට ඔහු ඇතුළත් වූයේ, රාජකීය ගුවන් හමුදා විද්‍යාලයටයි. 1981 දී චාල්ස් කුමරු ඩයනා ස්පෙන්සර් ආර්යාව සමග විවාහ වුණා. පසුව, ඔවුන් දරුවන් දෙදෙනෙකුගේ මාපියන් බවට පත් වූ අතර වැඩිමහල් පුත්‍රයා විලියම්, බාල පුත්‍රයා හැරී. 1997 වසරේදී ඩයනා කුමාරියගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු‍, 2005 දී කැමිලා පාර්කර් බොල්ස් සමග යළි විවාහ දිවියට එළඹුණා.

    එදා මෙදා තුර ජනතා සේවයට කැපවු තුන්වන චාල්ස් රජු සමාජ මෙහෙවරේ නිරත රාජකීයයෙකු ලෙස මහත් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. ඒ වෙනුවෙන්, ප්‍රින්ස් ට්‍රස්ට් පුන්‍යායතනය ආරම්භ කෙරුණේ, 1976 වසරේදී. මුසෙයික් මුල පිරිම ආරම්භ කෙරුණේ, 2007 වසරේදී. දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව රාජකීය චාරිත්‍ර අනුව  බ්‍රිතාන්‍ය රජකම ඔහුට නිතැතින්ම හිමිවනවා.    

    Latest News