අන්තර්ජාල හොරු

ජූනි 17, 2023

    අන්තර් ජාලය හරහා සිදු කළ වංචා සම්බන්ධයෙන් මේ වසරේ ගත වූ කාලයේ දී 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

    ඒ සම්බන්ධයෙන් සිද්ධි 108 ක් ද මේ වසරේ දී වාර්තා වී ඇති බවයි, පොලීසිය සඳහන් කළේ. අන්තර් ජාලය ඔස්සේ පිළිගත් සමාගම්වල රැකියා සහ ආයෝජන සඳහා සිදු කරන දැන්වීම්වලට බොහෝ දෙනෙක් ආකර්ශනය වීම දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් ඔවුන් ආ‍යෝජන සඳහා පෙළඹෙනවා. එවන් ආයෝජන ඔස්සේ විවිධ වංචාවන්ට හසුවීම් පිළිබඳ සිද්ධීන් බොහෝ අවස්ථාවන්වලදී වාර්තා වන බවයි, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටින්නේ.

    Latest News