සාදික්කා සහ කරාබුනැටි වගාවට දිලීරයක්

ජූනි 17, 2023

    සාදික්කා සහ කරාබුනැටි වගාවට සුළගින් සහ ජලයෙන් බෝවන දිලීර රෝගයක් පැතිර යන බව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

    මෙම භෝග සඳහා එකිනෙකට වෙනස් දිලීර වර්ග දෙකක් පැතිර යන බවත්, එය පාලනය නොකළොත් අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බවත්, ඔහු පෙන්වා දෙනවා. මේ වන විට සාදික්කා වගාව හෙක්ටයාර 3,000 ක් පුරා පැතිර තිබෙනවා.

    කරාබුනැටි වගාව, දිවයින පුරා හෙක්ටයාර 8,000 ක සිදු කෙරෙනවා. මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල රෝගය පැතිරයාමක් දක්නට ලැබෙනවා. ළපටි පත්‍ර සහ ළපටි දළුවලට එමගින් දැඩි හානි සිදු වන බවයි, වාර්තා වන්නේ. මේ පිළිබඳව අපනයන කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරින් හමුවී උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුයි.

    Latest News