අප්‍රේල් 30න් පසු පළාත් සභා සහ පළාත් පළාන ආයතනනවලට මුදල් නෑ - අගමැති (වීඩියෝ)

මාර් 30, 2019

    අප්‍රේල් 30 වැනිදායින් පසු පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදිය නොහැකි බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පසුගියදා විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කිරීම මීට හේතුව බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ, හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 3500ක්. 2019 යොවුන්පුර වැඩසටහනට සමගාමීවයි, නව ක්‍රීඩාංගණය ඉදි කෙරෙන්නේ. මීටර 400ක ධාවන පථයක්, ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් හා නවාතැන් පහසුකම් සහිත ක්‍රීඩාගාරයකින් ද මෙය සමන්විතයි.

    එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා....

    “ හැම එක්කෙනාම ඉන්නවා රුහුණ ගැන කතාකරන. ඕන තරම් රුහුණු පුත්‍ර යෝ ඉන්නවා. ඒත් රුහුණ සංවර්ධනය කරන්න නම් කවුරුවත් නැහැ. එදා දැම්මේ මොකකද් අලි රංචුව ඉන්න ඉඩමෙන් පන්නලා ගැහුවා ජාත්‍යන්තර ක්‍රිකට් කියලා ක්‍රීඩාංගණයක්. එතන ක්‍රිකට් ක්‍රීඩාවක් ගහන්නේ මුදල් දිහා බලන්නේ. ඊට වඩා ලාභයි ලන්ඩන්වල අර ලෝඩ්ස් පිටියේ ක්‍රීඩාවක්.

    මෙහෙ එනවා-යනවා එච්චරයි තියෙන්නේ. ඔය සම්පුර්ණ මුදල දැම්මනම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැම එකේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාව දාන්න තිබුණා. බලන්න අතන අර මොකක්ද සම්මන්ත්‍රණ ශාලාවකට වියදම් කරලා තියෙන සල්ලි. ඔය සල්ලිවලින් බාගයක් ගත්තනම් මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයට වඩා හොඳ එකක් මෙතන දාන්න තිබුණා.

    අද වහලා තියෙනවා. දවසක් අරගත්තොත් ලක්‍ෂ 10ක් ගෙවන්න කියනවා. අපේ ප්‍රතිපත්තිය ගමට ගිහින් ගමේ දියුණුව ඇති කරන්න. අපි දීලා තියෙනවා පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට මුදල්. මොකද අපි මේ එකක්වත් පාලනය කරන්නේ නැහැ. අපි දුන්නා. දැන් මොකක්ද කළේ ගිය බ්‍රහස්පතින්දා විරුද්ධ පක්‍ෂයේ අය අපි මේ අවුරුද්දේ පළාත් සභාවලට වෙන් කරලා තිබුණු මුදලුයි, ප්‍රාදේශීය සභාවලට වෙන්කරන මුදලුයි දෙකම කපලා දැම්මා. සතයක් නැහැ.

    අපි නෙමෙයි මේවා නැවැත්තුවේ, විපක්‍ෂයේ. මං මේ දිසා ලේකම්තුමාටයි, ප්‍රාදේශීය ලේකම්තුමාටයි කිව්වා අප්‍රේල් 30 වෙනිදා මේවා ඔක්කොම නවතින්න යන්නේ. අය-වැය කපලා තියෙන්නේ. ඕන්නම් ගිහිල්ලා බලන්න. ඇයි කැපුවේ කියලා ඒගොලන්ගෙන් අහන්න. තමන්ගේ නහය කපාගන්න මිනිස්සු මෙහෙම හොයාගන්න පුලුවන්ද? මහානගර මාර්ගයෙන් අපට ඕනේ ප්‍රාදේශීය සභාවලටයි, නගර සභාවලටයි දෙන්න. ඕනේ මිනිස්සු අපෙන් අහයි. ඒකට මුදල් තියාගන්න. අනික් අයට මම දෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරුන්ටත් සල්ලි නැහැ. ඒක ඒගොල්ලො කරගත්තේ මම නෙමෙයි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 20:21

    Latest News