බක් පුර පසළොස්වක පොහොය අදයි

අප්‍රේ 19, 2019

    බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ.

    බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද  බක් පුර පසළොස්වක පොහොය දිනයකයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කරන්නේ ද අද වැනි දිනකයි.

    එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි. පොහොය දිනය වෙනුවෙන් අද උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වෙයි.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 08:55

    Latest News