කෝවිලේ රන්මාල කැඩු කාන්තාවන් මාට්ටු

ජූනි 15, 2019

    දිවයින පුරා හින්දු කොවිල්වල උත්සවලට ගොස් කාන්තාවන් ගෙල බැදි රන් මාල සොරා ගැනිමේ සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක් නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත. 

    නාවලපිටිය කඩියන්ලෙන ශ්‍රී මුත්තුමාරි අම්මන් හින්දු කොවිලේ කොත් පැළද විමේ උත්සවය ඊයේ පැවති අතර එම උත්සවයට ප්‍රදේශයේ හින්දු භක්තිකයන් විශාල පිරිසක් සහභාගි වි තිබේ.

    මෙම උත්සවයේදි කාන්තාවන් ගෙල බැදි රන් මාල කඩා ගන්නා කාන්තාවන් හය දෙනෙකු එම උත්සවයට පැමිණි බැතිමතුන් එක්ව අල්ලා නාවලපිටිය පොලිසිය වෙත භාර දි ඇත.

    සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 23 – 28 අතර වයස් කාණ්ඩවල පසුවන බවත්, හලාවත, වත්තේගම, වලච්චේන, බුලත්සිංහල යන ප්‍රදේශවල පදිංචි දමිල ජාතිකයන් බවත් අනාවරණය වි තිබේ. මෙම කාන්තාවන් යාපනයේ නල්ලුර් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිල් වලට ගොස් සෙනග අතර තෙරෙපෙමින් ඉතා සුක්ෂම ලෙස රන්මාල සොරා ගන්නා බව පොලිසිය දැනට කළ මුලික පරික්ෂණ වලින් අනාවරණය වි ඇත.

    මෙම කාන්තාවන් ලඟ තිබු සොරාගන්නා ලද රන්මාල කිහිපයක් ද පොලිස් භාරයට ගත් නාවලපිටිය පොලිසිය පවසයි. සැකකාරියන් අද (15) නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    goldroberry1 px 900 19 06 1

     

    Latest News