අද අළුයම බොරැල්ලේ ගින්නක් - ජීවිත වලට හානියක් නෑ

ජූනි 21, 2019

    බොරැල්ල කාදර්නානා වත්ත ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇතිවේ.

    අද (21) අළුයම 2.30 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බව පැවසේ.

    ඒ 141 කො‍ටසේ තාවකාලික නිවාස 4 කයි.

    ගින්න හට‍ ගෙන ඇති බවට ලද තොරතුර මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභාවේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

    ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවේ.

    වැඩිදුර පරීක්ෂණ බොරැල්ල පොලීසිය ක්‍රියාත්මක කරයි.

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 12:15

    Latest News