තහනම් ධීවර දැල් 24 ක් හමුවේ

ජූනි 21, 2019

    නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 24 ක් සොයා ගනී.

    අඩි 100 දිගැති මෙම තහනම් ධීවර දැල් සොයා ගෙන ඇත්තේ‍, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්.

    ඒ කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මුර සංචාරයක් අතරතුරදීයි.

    නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට මෙම තහනම් ධීවර දැල් භාවිත කෙරේ.

    සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට භාර දී තිබේ.

    Latest News