සබරගමු - මධ්‍යම පළාත් අදත් තද වැසි

ජූනි 21, 2019

    දිවයින හරහා සු‍ළඟේ වේගය ඉහළ යාම සහ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‍නිවේදනය කරයි.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ හා උතුරු මැද පළාත් වලත් ත්‍රිකූණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට තද සුළං ඇති විය හැකියි.

    සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර 40 - 50 ත් අතර සුළං ඇති විය හැකියි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය අතර, වයඹ පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

    සබරගමුව හා මධ්‍යම පළාත්වල කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ වැසි ඇතිවේ.

    කොළඹ, ‍ගාල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකියි.

    Latest News