චීන දුම්වැටි ආනයනය නතර වෙයි ; සුව ඇමැති කියයි (වීඩියෝ)

ජූලි 02, 2019

    චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය අද (02) දින තීරණය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මේ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නීතිගත කිරීම තුලින් බදු ආදායමක් රටට ලැබෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    තව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්තියට 2017 වසරේ දී අත්සන් කළ ශ්‍රී ලංකාව දුම්කොළ විරෝධී සම්මානය අවස්ථා 03 ක දී ලබාගෙන ඇත. දුම්කොළ පාලන ප්‍රඥප්තියේ සදහන් කරුණු 22 න් 20 ක්ම ශ්‍රී ලංකාව සපුරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා එම වැඩපිළිවෙල චීන දුම්වැටි ආනයනය කිරිම තුලින් ආපස්සට හැරවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    දුම්කොළ විරෝධී සම්මානය හිමි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අමාත්‍ය මණ්ඩලයේ දී මේ පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත්, එහිදී මුදල් අමාත්‍යවරයා චීනයෙන් දුම්වැටි ආනයනය කිරිම නතර කිරීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 20:28

    Latest News