සහ්රාන් සමග පුහුණු වූ නසීර් TID භාරයට

ජූලි 09, 2019

    සහ්රාන් සමග නුවරඑළියේ බ්ලැක්පූල් හි දී පුහුණුව ලැබූ ස්මයිල් මොහොම්මදු නසීර් ත්‍රස්ත විමර්ශන ඒකක භාරයට පත් කෙරේ.

    පසුගිය මැයි 01 දින නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නසීර් නමැත්තා අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු වසය 41ක් වූ රස්නායකපුර පොලිස් වසමේ පදිංචි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොමදු නසීර් නැමැති මවුලවිවරයෙකු වේ. ඔහු මොහොමඩ් සහ්රාන් සමග නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පුහුණුව ලබා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ. සැකකරු ඊයේ (08) දින වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Latest News