කළගෙඩිහේන සිද්ධියට 4ක් අත්අඩංගුවට

ජූලි 22, 2019

    නිට්ටඹුව, කළගෙඩිහේනේ දී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හතර දෙනෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමෙන් පසු 29 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

    ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු හා ප්‍රාඩෝ රථයේ හිමිකරු සිද්ධිය සිදුවන අවස්ථාවේ රථය තුළ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකු මෙලෙස අධිකරණයට බාරවී ඇත.දිනේෂ් රුවන් අමරතුංග ප්‍රාඩෝ රථයේ හිමිකරුවන අතර, ඔහු ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. සම්පත් චන්දුල අමරතුංග ඩිෆෙන්ටෙර් රථයේ හිමිකරු වන අතර, ඔහු ද ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    Last modified on සදුදා, 22 ජූලි 2019 18:08

    Latest News