6 කණුවේ ඇතින්න මියයි (ඡායාරූප)

ජූලි 24, 2019

    පුත්තලම අනුරාධපුර මාර්ගය 6 කනුව වෙල්යාය හරහා මාරු වෙමින් සිටියදී වාහන අනතුරකට ලක්වු ඇතින්න මිය ගොස් තිබේ.

    ඇතින්නගේ ජිවිතය බේරා ගැනීමට වනජීවි නිළධාරින් හා පශු වෛද්‍යවරුන් දැඩි උත්සහය නිරත වුවද අසාධ්‍ය තත්තවය හේතුවෙන් එය වැලකී ගොස් ඇත. මෙම ගැබිණි ඇතින්නිය වාහනයේ ගැටීමෙන් පසු මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් වළක වැටී සිටි බව අප වාර්තාකරු පවසයි.

    වනජීවි පශු වෛද්‍යවරුන්ගේ සති අන්ත රාජකාරි දිමනා සම්බන්ධ ගැටලුව හේතුවෙන් ප්‍රතිකාර කිරිම් දිනකින් ප්‍රමාදව තිබේ. වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා 20 වැනිදා අළුයම සිට ප්‍රතිකාර ආරම්භ කර ඇත. අනතුරින් ඇතින්නගේ ඉදිරිපස දකුණු පාදයේ අස්ථි බිදිමක් මෙන්ම වාහනයේ යකඩයක් ශරිරය තුළට බැස තිබු බව වන ජීවි නිළධාරින් පවසයි. අනතුර සිදු කළ වාහනය පලාගොස් ඇති අතර එහි රියදුරා අත්අඩංගුවට ගැනීමට කරුවලගස්වැව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    මෙම අනතුර 19 වැනිදා රාත්‍රී‍යේදි සිදුව ඇත.

    elephantdeath1 px 900 19 07

    elephantdeath px 900 19 07

     

    Last modified on බදාදා, 24 ජූලි 2019 12:57

    Latest News