ගම්මන්පිල සහ සිඩ්නි ගැන ලසිත පෙරේරා අධිකරණයට කළ හෙලිදරව්ව

ජූලි 24, 2019

    ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ ඩිජිටල් නොමිනීස් සමාගමේ කොටස් විකුණා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ මුදල් ලබාගත් බවට උදය ගම්මන්පිල  ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් දිවුරුම් පෙත්සමක සඳහන් වන බව පැමිණිලිකාර ලසිත පෙරේරා අද අධිකරණයේ හරස් ප්‍රශ්න වලට පිරිතුරු සපයමින් කියා සිටියේය.

    බ්‍රයන් ෂැඩික්ට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20 ක් සාවද්‍යලව පරිහරණය චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේ දි ඔහු මේ බව කියා සිටියේය.

    කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්විණ.

    විත්තිකාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් නඩුවේ පැමිණිලිකාර ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ලසිත පෙරේරාගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුකෙරිණ.

    ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ට අයත් ඩිජිටල් නොමිනීස් සමාගමේ කොටස් විකුණා තමා සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ මුදල් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් දිවුරුම් පෙත්සමක සඳහන් වන බව විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු සැපයු සාක්ෂිකාර ලසිත පෙරේරා සිටියේය. කොටස් විකිණීමෙන් මුදල් ලැබුණු බවත් එම මුදල්වලට කුමක් සිදුවූයේද දැන් තමාට මතක නැති බවට ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබාදී තිබු දිවුරූම් පෙත්සමක සඳහන්ව තිබුනේ යැයිද සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සාක්ෂිකරු විසින් ඉදිරිපත් කරන මෙම කරුණු සටහන් කරගන්නා ලෙසයි. අනතුරුව වැඩිදුර ප්‍රශ්න විමසීම ඔක්තෝම්බර් මස 8 වනදාට කල් තැබිණ.

    Last modified on බදාදා, 24 ජූලි 2019 15:38

    Latest News