සුළං තත්වයේ අඩුවීමක්

අගෝ 10, 2019

    දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී) සුළඟේ වේගය පැ.කි.මී. (50-60) දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතියි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා ඉහල යා හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩුවේ යැයි බලාපොරොත්තු වේ.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 10:48

    Latest News