බොරු ඖෂධ හිඟයක් මවාපාන අයට විනය ක්‍රියාමාර්ග ගන්නවා

අගෝ 10, 2019

    රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (09) ප්‍රකාශ කළේය.

    මෙරට කිසිදු රෝහලක ඖෂධ හිගයක් නොමැති බවත් ඖෂධ හිගයක් නොමැති බවට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන මහතා ප්‍රවෘත්ති නිවේදන පවා නිකුත් කළ බවත් ඇමැතිවරයා පැවැසුවේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් දෙතුන් දෙනෙක් එක්ව මෙම අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන බවත් රත්නපුර, බදුල්ල, කරාපිටිය රෝහල්වල ඖෂධ හිගයක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළ ද එවැනි පසුබිමක් නොමැති බව රෝහල්වල අධ්‍යක්ෂවරුන් ප්‍රකාශ කර ඇති බවත් ඇමැතිවරයා කීය.

    ඖෂධ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යන්නාක් මෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන නොමැති බවට ප්‍රචාරය කරමින් ඒ සම්බන්ධයෙන් ද අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බවත් රෝහල රජයේ අයිතිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 10:49

    Latest News