දකුණු මුහුදේ තෙල් ඉවත් කිරීම අඛණ්ඩව

අගෝ 10, 2019

    පානදුර සිට දකුණු කළුතර දක්වා වෙරළාසන්න මුහුදු තීරයේ පවතින තෙල් ඉවත් කිරීමේ කටයුතු දැන් සිදු කෙරේ.

    මීට දින දෙකක සිට එම මුහුදු ප්‍රදේශයේ ඝන තෙල් තට්ටුවක් පවතියි. ඊට නිෂ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. නාවික හමුදාව, සමුද්‍රීය ආරක්ෂක අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරේ. මෙම තෙල් තට්ටු විෂ සහිත බැවින්, ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 12:12

    Latest News