සැකකරු පොලිස්ථානය තුළ මිය යාම ගැන පරික්ෂණයක් (වීඩියෝ)

අගෝ 10, 2019

    මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය තුළදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. අද පොලිස් මූලස්ථාන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

    එහිදී අදහස් දැක්වූ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා....
    “මට්ටක්කුලිය ප්‍රදේශයේ කදිරානවත්ත ප්‍රදේශවාසීවාසින් විසින් සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට 119 ඔස්සේ අද අලුයම මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත දුරකතන ඇමතුමක් ලැබුණා. සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඒ සැකකරුව මට්ටක්කුලිය පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ සැකකරු වයස අවුරුදු 26ක් වූ කදිරානපාර මට්ටක්කුලිය ප්‍ර දේශයේ පදිංචි ජානක ගෝමස් පුද්ගලයෙක්. ඔහුව පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට ගැනීමේ දී අනාවරණය වුණා මේ සැකකරු කදිරානවත්ත ප්‍ර දේශයේ තිබෙන තෙමහල් නිවසකට අනවසරයෙන් ඇතුල්වී තිබෙන බවටත්, ඒ තෙමහල් නිවසේ තුන්වන මහලට මේ සැකකරු ඇතුල්වීමේ දී තුන්වැනි මහලේ නිදා සිටි කාන්තාවකට අවදිවී කෑ ගැසීමේ දී මේ සැකකරු ඒ මහලේ සිට බිමට පැනීමේදී බිමවැටි ඇති බවටත් අනාවරණය වෙලා තියෙනවා.

    මොහුව මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පොලිස් ස්ථානය බාරයේ රඳවා ගෙන සිටියදී අද පෙරවරු 8.00ත්, 9.00ත් කාලයේ දී ඔහු ජිවිතක්‍ෂයට පත්ව සිටින බවට අනාවරණය වුණා. මහේස්ත්‍රාත්තුමා විසින් මේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව කොළඹ උතුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරිගේ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි“ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 20:16

    Latest News