ගුණාත්මක චිත්‍රපට කලාවකට ප්‍රේක්‍ෂක කියවීම ඉතා වැදගත්

අගෝ 25, 2019

    ගුණාත්මක චිත්‍රපට කලාවක් බිහි කිරීමට නම් නිර්මාණ පිළිබඳ ප්‍රේක්‍ෂකයන්ගේ කියවීම ඉතා වැදගත්.

    සමාජ සංක්‍රාන්තිය සඳහා කලාව යන මැයෙන් සංවිධානය වූ චිත්‍රපට පිලිබඳ කතිකාවක් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. මෙවර එහි කතාබහට ලක්වුණේ 1996 ඇකඩම් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය වූ “ඇන්ටෝනියාස් ලයිස්“ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ මර්ලින් ගෝරිස් “ස්ත්‍රීවාදි“ සුරංගනා කතාවක් ලෙසයි. මෙම චිත්‍රපටය විග්‍රහ කෙරෙන්නේ. මේ පිළිබඳ දේශනය පැවැත්වුයේ කුමාරි වෙලගෙදර. ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානයේ දායකත්වය ද ඇතිව සංවිධානය වූ මෙම වැඩසටහන මෙහෙය වූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සුදත් මහදිවුල්වැව විසිනි.

    දකුණු ඉන්දියානු චිත්‍රපට, බොලිවුඩයට මෙන්ම හොලිවුඩයට ද අභියෝග කරන්න පටන්ගෙන “සයිමා“ හෙවත් දකුණු ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල පසුගියදා පැවැත්වුණේ කටාර්වල දෝහා නගරයේදී. 8 වැනි වරටත් සංවිධානය වූ එහි දෙමළ, තෙලිඟු මලයාලම් සහ කන්නඩ සිනමා ක්‍ෂේත්‍රයන් සඳහා හොඳම චිත්‍රපට සම්මාන පිරිනැමිණ. 2019 වසරේ හොඳම සහ ආකර්ෂණීයම චිත්‍රපටය වූයේ වඩ චෙන්නායි, පැරියේරූම් පෙරුමල්, කෝල මාවු කෝකිලා, ඉවයිකා නොඩිගල්, කාලා සහ සර්කාර් ඇතුලු සිනමාපටයි. ධනූෂ්, ට්‍රිෂා, මොහන් ලාල්, ජයම් රවි, අයිශ්චර්යා රාජේෂ්, සුරේෂ්, චිරාන් ජිවි, ටෝවිනෝ තෝමස්, ප්‍රීති විරාජ් යන රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළු සිනමා නිපුණත්වයන් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ. චිත්‍රපට සඳහා දායක වූ දක්‍ෂතමයන් කරුණු ගණනාවක් ඔස්සේ තෝරාගනු ලැබීය.

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 14:00

    Latest News