ඩෙංගු ව්‍යාප්තියේ අඩුවිමක්

දෙසැ 20, 2019

    මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 90,000 ක් පමණ වර්තා වි ඇති නමුත් පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස පසුගිය සති තුන තුළ ‌ඩෙංගු රෝගය වැළදීමේ ප්‍රවණතාවය අඩුවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

    දැනට සක්‍රීයව පවතින ඊසාන දිග මෝසම් වර්ෂා තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවත් මේ වන විට කොළඔ, ගම්පහ, කළුතර, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    පරිසරය තුළ වැසි ජලය රැඳී පැවතිය හැකි ජලය රැඳී පැවතිය හැකි ස්ථාන බහුලව පැවතීමත්, වරින් වර ඇතිවන වර්ෂාව සමඟ මේවායේ මදුරුවන් බෝවීම ඉහළ යාමත් මේ සඳහා හේතුවන බව සඳහන් වේ.‍

    ඩෙංගු වෛරසය ආවේක්ෂණ පද්ධති හරහා ලබා ගත් දත්ත වලට අනුව මේ වන විට ඩෙංගු වෛරස කාණ්ඩ II සහ III දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවත් පවතින මෙම තත්ත්වය සැලකීමේ දී මහජනතාව ඩෙංගු රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාතයාංශය සඳහන් කරයි.

    Latest News