ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරික්ෂණය 23

දෙසැ 20, 2019

    ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව, අයදුම්පත් යොමු කළ, නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23 වැනි දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් උපදෙස් ලබාදී ඇති අතර, මෙම සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් 23, 24, 26,27 සහ 28 දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මේ යටතේ පුරප්පාඩු පවත්නා පාසල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් විදුහල්පතිවරුන් ලෙස පත්කිරිම සඳහා තෝරාගැනෙන අතර, අයදුම්කරුවන්ට තම මනාපය පරිදි පාසල් කිහිපයක් නම් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

    විදුහල්පති තනතුරට පත්කිරීමේ දී ඔවුන්ගේ එම මනාපයන් සැලකිල්ලට ගැනීමට ද අපේක්ෂිතය.

    Latest News