කාලගුණය නිසා එළවළු අස්වැන්නත් අඩු වේ

දෙසැ 20, 2019

    දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යම පළාතට ද බලපා ඇති නිසා එළවළු අස්වැන්න අඩු වී ඇති බව වාර්තා වනවා.

    මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හී එළවළු වලින් වැඩි ප්‍රමාණයක් වගා කරනු ලබන අතර, අධික වර්ෂාව හේතුවෙන් එම එළවළු අස්වැන්න අඩුවීමත් නිසා මේ වනවිට වෙළඳ පොළේ එළවළු මිළ විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

    එම නිසා ගොවීන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා යෙදිය හැකි සෑම ආරක්ෂිත වැඩපිළිවෙළක්ම යෙදිය යුතු බවයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙන්නේ.

    Latest News