නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත විය. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනුණු මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. 

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමග සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනානාදු මහතා පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමාට කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් කර තිබේ.

update - පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුනි.

අය වැය දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 151 හිමිවිය. විරුද්ධව හිමිවුණේ ඡන්ද 52 පමණයි. ඒ් අනූව, වත්මන් රජයේ පළමු අය වැය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරුන් තිදෙනෙක් සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටීම විශේෂත්වයක්.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක් පැවැත්වීමට නියමිතයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණි.

Latest News