ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ආණ්ඩුව පත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන පළමු අවස්ථාව අදයි.

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්විමක් අද (21) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

update-අද විවාදයට ගැනුණු ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එක්මතිකව සම්මතවී තිබේ. 

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් ලබන අද (23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වීමට නියමිතයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීම් මාධ්‍යයට විවෘත කිරිමට තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රැසක්හ දිසි නීතිය යටතේ ක්‍රියාත්මක කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (24) රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විශේෂ පෙත්සම  විභාගය ඊයේ (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරියේ දී කතානායකවරයාට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.

Latest News