රොෂාන් මහානාම චරිතාපදාන කෘතිය එළිදකී....(වීඩියෝ)

දෙසැ 17, 2021
  • මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයාට, ක්‍රිකට් ආයතනයට මෙන්ම, හිටපු ක්‍රීඩකයින්ට ද පැවරෙන බව, ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පවසනවා.

    රොෂාන් මහානාම චරිතපදාන කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී, ඔහු මේ බව සඳහන් කළා. උත්සවය කොළඹදී ඊයේ පැවැත්වුණා. කෘතියේ පළමු පිටපත, සිය මවට පිළිගැන්වූ රොෂාන් මහානාම මහතා, අනතුරුව තම ක්‍රිකට් පුහුණුකරු වූ නෙල්සන් මෙන්ඩිස් මහතාට තවත් පිටපතක් පිළිගැන්වූවා.
    1986 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රොෂාන් මහානාම 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගත් ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක්. ඔහු 2004 සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

    Last modified on සිකුරාදා, 17 දෙසැම්බර් 2021 18:04

    Latest News